Wednesday, June 8, 2011

තිත්ත ඇත්ත....


ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇතුළු අධිරාජ්‍යවාදීන් ආයුධ බලය යොදා මිනී මරමින් ලිබියාවේ තෙල් සම්පත කොල්ලකෑමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහය අපි දැඩිසේ හෙළා දකිමු.

නව යටත්විජිත උපක‍්‍රම ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා බොහෝ ස්වෛරී රටවල් ණය උගුලේ සිරකරමින් එම රටවල ආර්ථිකය තම පාලනය යටතේ තබාගෙන සිටි ඉහත අධිරාජ්‍යවාදීන් අද ඒ වක‍්‍ර උපක‍්‍රම අතහැර දමා ඉතාමත් නග්න ආකාරයෙන් සිය සූරාකෑමේ ක‍්‍රියා පිළිවෙත ඉදිරියට ගෙන යාමට සූදානම් බව ලිබියානු ආක‍්‍රමණය මගින් සනාථ වෙයි.

ලොව පුරා අධිරාජ්‍යවාදී බලවේග වෙතින් තමන්ට එල්ලවන විරෝධයන් හමුවේ වියරු වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන් දැන් වක‍්‍ර ලෙස රටවල් සූරාකෑමේ ක‍්‍රමවේද අතහැර ආයුධ බලය යොදා මිනී මරා හෝ තම ආර්ථික උවමනාවන් ඉටු කර ගැනීමේ තත්වයට පත්ව සිටී.

එදා ඉරාකයේ සදාම් හුසේන්ට එල්ල කළ චෝදනා අද ලිබියාවේ ගඩාෆිට එරෙහිව එල්ල කරන ආමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍ය වාදීන් එදා ඉරාක ජනතාවට ලබා දුන්නේ කුමක්ද? ආක‍්‍රමණ හමුවේ දහස් සංඛ්‍යාත ඉරාක වැසියන්ට ජීවිත අහිමිවූ අතර ඇමෙරිකා එක්සත් ජනපද සමාගම් වලට ඉරාකයේ තෙල් සම්පත හිමිව ඇත. හෙට ලිබියාවේ ඉරණමද එයම මිස අනෙකක් නොවේ.

එබැවින් මේ ඇමෙරිකා එක්සත් ජනපදය ,බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇතුළු අධිරාජ්‍යවාදීන් මිලේච්ඡ කි‍්‍රයා දාමය ලෝකයේ සියළු ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ පිළිකුලට ලක්විය යුතුය. අප සියලූ දෙනා මේ අධිරාජ්‍යවාදීන්ගේ රටවල් සූරාකෑමේ නග්න උන්මාදයට එරෙහිව නැගී සිටිය යුතුය.

එසේම අද මෙම අධිරාජ්‍යවාදීන්ගේ අතකොලූවක් වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි සැබෑ අරමුණ වන ලෝක සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙහෙයැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිශේධ බලය හිමි රුසියාව හා චීනය මීට වඩා වැඩි මැදිහත් වීමක් සිදු කරනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු....... @.Milinda.@

No comments:

Post a Comment