Friday, July 1, 2011

ඇමෙරිකානු මානව හිමිකම් කෙරුවාව මෙන්න......


පසුගියදා චීන රාජ්‍ය කවුන්සලය හෙවත් අමාත්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය විසින් ඇමෙරිකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කොට තිබිණි. චීන රජය එම වාර්තාව නිකුත් කොට ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 08/04/2011 දින නිකුත් කෙරුණු මානව හිමිකම් වාර්තාවට පිළිතුරු ලෙසය. ඇමෙරිකාව එම වාර්තාවෙන් ශී‍්‍ර ලංකාව සහ චීනය ඇතුලූ රටවල් රාශියක ඊනියා මානව හිමිකම් තත්වය දැඩි විවේචනයට ලක්කොට තිබුණි. පිටු 40කින් පමණ සමන්විත චීන රජයේ එම දීර්ඝ වාර්තාවෙන් උපුටා ගත් ආකාරයට ඇමෙරිකාවේ පැටිකිරිය මෙසේය,

1. 2009 වසරේදී ඇමෙරිකානු පුරවැසියන්ට එරෙහිව ඒ රට තුළදී සිදුවූ ප‍්‍රචණ්ඩ අපරාධ ප‍්‍රමාණය මිලියන 4.3 කි.දේපළ හානි අපරාධ ප‍්‍රමාණය  මිලියන 15.6 කි.දේපළ සොරකම් වලදී 47% ක අවස්ථාවල ගිනිඅවි භාවිතාකොට ඇති අතර පුද්ගලයින්ට එරෙහි අපරාධ වලදී ගිනිඅවි භාවිතා කළ අවස්ථා ප‍්‍රතිශතයක් ලෙස 27% කි.ඔවුන් අතරින් මහ පාරේ නිදියන හෝ කඳවුරුවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 170,000 කි.
2. මේ වන විට ඇමෙරිකන් සිරගෙවල්වල මිලියන 1.7 ක් ගැහැණු සහ පිරිමි සිරබත් කති. එහෙත් එහි අවම පහසුකම් හෝ ඇත්තේ එම ප‍්‍රමාණයෙන් අඩකටත් අඩු ප‍්‍රමාණයකටය.
3. 2010 ජූනි 24 වැනිදා ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් ගන්නා ලද තීන්දුවක් අනුව ෆෙඩරල් ආණ්ඩුවට ඕනෑම වේලාවක අන්තර්ජාල පහසුකම් කපා දැමිය හැකිය.එය මාධ්‍ය නිදහස හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකෙන්නේ නැත.
4. ඇමෙරිකන් ජනගහනයෙන් මිලියන 44ක් ජීවත් වන්නේ අන්ත දුප්පත්කමේ රේඛාවට පහළිනි. 
5. ඇමෙරිකාවේ පවුල් වලින් 15% කට ආහාර සුරක්‍ෂිතතාව නැත එනම් ඔවුන්ගේ ආහාර වේල ලැබෙනවාද යන්න පිළිබඳ ඔවුනට කිසිදු සහතිකයක් නැත.
6. ඇමෙරිකන්  ජනයාගෙන් මිලියන 50කට සෞඛ්‍ය රක්‍ෂණයක් නැත.ඇමෙරිකාවේ ලංකාවේ මෙන් නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැති නිසා අසනීප වූ විට එම මිලියන 50ක් වූ ජනතාවට ඇත්තේ දෙවියන් වහන්සේගේ පිහිට පමණි.
7. ඇමෙරිකාවේ පුද්ගල වෛරී සිතුවිලි නිසා 2009 දී සිදුවූ අපරාධ ප‍්‍රමාණය 6,600 කි.ඉන් 4,000 ක් ජාතිවාදී වූ අතර 1,600 ක් ආගම්වාදී විය.
8. ඇමෙරිකාවේ කාන්තාවන්ගෙන් 90% ක් රැකියා ස්ථානයේදී ලිංග හේදය මත නොසැලකිල්ලට ලක්වේ. එමෙන්ම වසරකට කාන්තාවන් මිලියන 20ක් ලිංගික අපයෝජනයට සහා දූෂණයට ලක්වේ.තවද ගෘහනීන්ගෙන් 25%ක් නිවසේදී සැමියන්ගේ ප‍්‍රචණ්ඩත්වයට ලක්වේ.
9. ඇමෙරිකාවේ වසරකදී අපචාරයට සහ හිංසනයට ලක්වන ළමයින් ප‍්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් මිලියන 30කි. නිල වශයෙන් වාර්තා වන ප‍්‍රමාණය එසේ වුවත් බාහිර සංවිධාන පවසන්නේ වාර්තා නොවන ප‍්‍රමාණය ඊට තුන් ගුණයකට වඩා අධික බවයි.
10. ඇමෙරිකාව විසින් නායකත්වයක් දෙන ලද නේටෝ ප‍්‍රහාරය මගින් ඉරාකයේදී සහ ඇෆ්ගනිස්ථානයේදී නිල වශයෙන් හඳුනාගත් ආකාරයට මරා දැමූ සිවිල් වැසියන් ප‍්‍රමාණය 109,535 කි.නමුත් නිල වශයෙන් පිළිගන්නා සහ වාර්තා නොවූ මරණ සියල්ල එක්කල විට එම ප‍්‍රමාණය මිලියනයක් ඉක්මවා යන බවට තොරතුරු ඇත.@.milinda.@

Saturday, June 11, 2011

ආදර රස රහසක්........

ඔබේ තුරුලේ රැඳි මොහොතක්
දැවටෙන හද තුල අමා ඔසුවක්
තරිඳු එළියෙන් පිරි රැයක
සොයයි ආදර රස රහසක්......

ඔබේ හදේ රැඳුනු ආදර සුවඳක්
කැටි කර ගත් සුවඳ සුළඟක්
මගේ සිත ලඟ නැවතී
කියයි ආදර රස රහසක්......

ඇවිද යන්නට නොපෙනෙන ඉමක්
අඳුර පිරුණු නිශා යාමයක්
අපේ ආදර හිත් කොඳුරන
ආදර රහස් බැඳි නිහඬ ලොවක්.......

Thursday, June 9, 2011

ආදරණීය සහෘද සිත FB තුළ දිග හැරුම

ඔන්න... යාළුවනේ, 
ආදරණීය සහෘද සිත (මිලින්දගේ බ්ලොග් අවකාශය) විදිහට FACEBOOK මත ආදරයෙන් ලියවුණා... 




ගිහින් බලලා... හොදයි නම් කියන්න....




Wednesday, June 8, 2011

තිත්ත ඇත්ත....


ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇතුළු අධිරාජ්‍යවාදීන් ආයුධ බලය යොදා මිනී මරමින් ලිබියාවේ තෙල් සම්පත කොල්ලකෑමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහය අපි දැඩිසේ හෙළා දකිමු.

නව යටත්විජිත උපක‍්‍රම ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා බොහෝ ස්වෛරී රටවල් ණය උගුලේ සිරකරමින් එම රටවල ආර්ථිකය තම පාලනය යටතේ තබාගෙන සිටි ඉහත අධිරාජ්‍යවාදීන් අද ඒ වක‍්‍ර උපක‍්‍රම අතහැර දමා ඉතාමත් නග්න ආකාරයෙන් සිය සූරාකෑමේ ක‍්‍රියා පිළිවෙත ඉදිරියට ගෙන යාමට සූදානම් බව ලිබියානු ආක‍්‍රමණය මගින් සනාථ වෙයි.

ලොව පුරා අධිරාජ්‍යවාදී බලවේග වෙතින් තමන්ට එල්ලවන විරෝධයන් හමුවේ වියරු වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන් දැන් වක‍්‍ර ලෙස රටවල් සූරාකෑමේ ක‍්‍රමවේද අතහැර ආයුධ බලය යොදා මිනී මරා හෝ තම ආර්ථික උවමනාවන් ඉටු කර ගැනීමේ තත්වයට පත්ව සිටී.

එදා ඉරාකයේ සදාම් හුසේන්ට එල්ල කළ චෝදනා අද ලිබියාවේ ගඩාෆිට එරෙහිව එල්ල කරන ආමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍ය වාදීන් එදා ඉරාක ජනතාවට ලබා දුන්නේ කුමක්ද? ආක‍්‍රමණ හමුවේ දහස් සංඛ්‍යාත ඉරාක වැසියන්ට ජීවිත අහිමිවූ අතර ඇමෙරිකා එක්සත් ජනපද සමාගම් වලට ඉරාකයේ තෙල් සම්පත හිමිව ඇත. හෙට ලිබියාවේ ඉරණමද එයම මිස අනෙකක් නොවේ.

එබැවින් මේ ඇමෙරිකා එක්සත් ජනපදය ,බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇතුළු අධිරාජ්‍යවාදීන් මිලේච්ඡ කි‍්‍රයා දාමය ලෝකයේ සියළු ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ පිළිකුලට ලක්විය යුතුය. අප සියලූ දෙනා මේ අධිරාජ්‍යවාදීන්ගේ රටවල් සූරාකෑමේ නග්න උන්මාදයට එරෙහිව නැගී සිටිය යුතුය.

එසේම අද මෙම අධිරාජ්‍යවාදීන්ගේ අතකොලූවක් වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි සැබෑ අරමුණ වන ලෝක සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙහෙයැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිශේධ බලය හිමි රුසියාව හා චීනය මීට වඩා වැඩි මැදිහත් වීමක් සිදු කරනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු....... @.Milinda.@

සැඟවී ගිය පෙම....



මළ දොල අයිනේ
නුග රුක්‌ සෙවනැල්ලේ
අපේ රහස්‌ පෙම් කව 
සැගව ගියාවේ.........

සුවද රැදුනු ඔබේ ලමැදේ
සුවය තවෙකෙක්‌ අත රැදුනාවේ
මගෙ ආදරේ මගෙ හදවතේ
ඔහේ තැන්පත් උනාවේ..........

හිරු බැස යන හැන්දෑවේ
ඔබටත් ඔහුටත් අයිති ලෝකයේ
කදුලු බිදු නොවස්‌වා
සිනා කැන් ඉතිරුනාවේ........

ඇරඹුම......


මගේ මේ බ්ලොග් අඩවිය ආරම්භය සනිටුහන් වන්නේ කඳුලකින්... 
ඒ සයිබර් අවකාශයේ ඉලංදාරියා පිළිබඳව මා ප්‍රමාද වී දැන ගැනීමයි. 
ඔහු පිළිබඳව යමක් කිරීමට 
මා නොදැනුවත් වීම පිළිබඳව මා මටම සාප කර ගනිමි. 
අකුරු අමුණන විට මගේ සිත මොකක්දෝ වී ඇතැයි මට සිතේ...

ආදරණීය ඉලංදාරියා (දිලුම්),
මේ අකුරු හරඹය බලන්න උඹ නැතත්... 
උඹ කොහේ හරි ජීවත් වෙනවා කියලා මට තිතෙනවා. 
කොහේ හරි නෙමෙයි, උඹ වෙනුවෙන් උදව්, උපකාර කරපු 
හැම සහෝදර, සහෝදරියකගේම හිතේ පුංචි කොනක 
ලොකුවට උඹ ඉන්නවා... හෙටත් ඉඳීවි... හැමදාමත් ඉඳීවි..
උඹ වෙනුවෙන් මොකක්ම හරි කරන්න මට බැරි වීම 
තුළ මට තියෙන්නේ පුදුමාකාර දුකක්..
නමුත්...මම දැන් හොදටම ප්‍රමාදයි...
උඹ ආයෙත් මේ සිංහල සොඳුරු අඩවියට පා තියාවි කියලා මම හිතනවා. 
මොකක් උනත් උඹ ගැන මතකය 
මම මැරෙනකංම මගේ හිතේ හැමදාම තියේවි....